අනේ දෙවියනේ.. අපේ ගම
ඇතුගල්පුරය නැත්තම් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල නගරයට ලඟ කිවුලේගෙදර, නාකලගමුව ගම්මාන මැදින් ඉදිවුණා දැවැන්තයා නව අධිවේගී මාර්ගයයි.දැවැන්තයා හදන්න, කිවුලේගෙදර , නාකලගමුව , දෙවක්කර ගම්මානවල අසාමාන්‍ය විදිහට කදු වලින් බොරු කැපීම, වනාන්තර එළි කිරීම හේතුවෙන් පරිසර උෂ්ණත්වය,ජල උල්පත් සිඳී යාම,වනසත්ව උවදුරු වලින් කෙටි කාලයක් තුළ විශාල වෙනසක් වෙලාතියනවා. ඒ තුළින් මිනිස්සු, සතුන් විශාල පීඩාවක් විඳිනවා. ඒත් සුදු ඉරි ඇඳපු මං තීරු දෙකේ පාර, කේක් කැපුවා වගේ තියෙන අධිවේගී මාර්ගයේ ගල් පර්වත බලන්න, photos ගන්න කොහොම කොහොම හරි අපි ඉවසගෙන යන්නේ.කවදහරි ඉක්මනට කොළඹ යන්න පුළුවන් වෙයි කියලයි.කොළඹ ගිහාම හිතෙයි අපි පුංචි කාලේ තිබුන ගම කොච්චර ලස්සනද කියලා.