Posts

Showing posts from January, 2023

ළඟම පාසල හොඳම පාසල වන විට ගමේ පාසල වසා දැමුවේ ඇයි ?

Image
      ගි රානකන්ද  පාසල වැසුනේ 2011 වසරේ දී ය. ඒ වන විට ප්‍රාථමික  අංශයක් ලෙස  පාසල පවත්වාගෙන තිබෙනවා. නමුත් එම පාසල 1 වසරේ සිට  11 වසර දක්වා පැවතී තිබෙනවා.  පසුව 2005 වන විට 8 වසර දක්වා පන්ති පැවැත්වී තිබෙනවා. ගිරානකන්ද පාසලෙන් සමත් වූ ආදි ශිෂ්‍යයින් අද උසස් රැකියාවල නිරත වෙනවා.   පාසල වැසීමට හේතු වී තිබෙන්නේ  ළමුන් නගරයේ පාසල් වෙත ඇදී යාමේ  තරගකාරීත්වය හේතුවෙන්ය. වෙන්නරුව පාසල , නාරම්මල මයුරපාද කනිෂ්ඨ විද්‍යාලය, නාරම්මල මහ විද්‍යාලය පාසල් දරුවන් භාර ගැනීම සිදු වූ අතර ගම්මානයෙහි පාසල වැසීම සිදුවිය. ඉඩකඩ සීමිත වීම හේතුවෙන් ගනේගොඩ, කළුන්දාව හා කිවුල්ගල්ල යන ප්‍රදේශවල පාසල් වෙත  ඇතුලත් කිරිමට දෙමව්පියන්ට සිදුවී තිබේ. ආසන්න නගරයේ පාසල් වෙත සිසුන් ඇතුලත්  කිරීමට දෙමව්පියන්ට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවී තිබීමත් මත සමාජීය ගැටලුවක් මේ සමඟ නිර්මාණය වී තේරුණේ තිබෙනවා. ගම්මානයේ සිට පරිබාහිරට පාසල් ළමුන් වෙත යාමට සිදුවීමෙන්, ආර්ථිකමය වශයෙන් ද ශ්‍රමය අතින් ද පරිශ්‍රමයක් දැරීමට සිදුවේ. නමුත් රාජ්‍ය මට්ටමෙන් ගත්කල ළඟම පාසල හොඳම ...