ළඟම පාසල හොඳම පාසල වන විට ගමේ පාසල වසා දැමුවේ ඇයි ?


      ගිරානකන්ද පාසල වැසුනේ 2011 වසරේ දී ය. ඒ වන විට ප්‍රාථමික  අංශයක් ලෙස  පාසල පවත්වාගෙන තිබෙනවා. නමුත් එම පාසල 1 වසරේ සිට  11 වසර දක්වා පැවතී තිබෙනවා.  පසුව 2005 වන විට 8 වසර දක්වා පන්ති පැවැත්වී තිබෙනවා. ගිරානකන්ද පාසලෙන් සමත් වූ ආදි ශිෂ්‍යයින් අද උසස් රැකියාවල නිරත වෙනවා. 

 පාසල වැසීමට හේතු වී තිබෙන්නේ  ළමුන් නගරයේ පාසල් වෙත ඇදී යාමේ  තරගකාරීත්වය හේතුවෙන්ය. වෙන්නරුව පාසල , නාරම්මල මයුරපාද කනිෂ්ඨ විද්‍යාලය, නාරම්මල මහ විද්‍යාලය පාසල් දරුවන් භාර ගැනීම සිදු වූ අතර ගම්මානයෙහි පාසල වැසීම සිදුවිය. ඉඩකඩ සීමිත වීම හේතුවෙන් ගනේගොඩ, කළුන්දාව හා කිවුල්ගල්ල යන ප්‍රදේශවල පාසල් වෙත  ඇතුලත් කිරිමට දෙමව්පියන්ට සිදුවී තිබේ. ආසන්න නගරයේ පාසල් වෙත සිසුන් ඇතුලත්  කිරීමට දෙමව්පියන්ට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවී තිබීමත් මත සමාජීය ගැටලුවක් මේ සමඟ නිර්මාණය වී තේරුණේ තිබෙනවා. ගම්මානයේ සිට පරිබාහිරට පාසල් ළමුන් වෙත යාමට සිදුවීමෙන්, ආර්ථිකමය වශයෙන් ද ශ්‍රමය අතින් ද පරිශ්‍රමයක් දැරීමට සිදුවේ.

නමුත් රාජ්‍ය මට්ටමෙන් ගත්කල ළඟම පාසල හොඳම පාසල යන සංකල්පය ගෙන ආවද කිසිදු සැලකීමක් මෙම පාසලට ලැබී නැති බව ඡායාරූප මගින්  පැහැදිලි වේ.





පාසලේ අවසන් වශයෙන් හිටපු විදුහල්පති තුමියගේ කතා බහට අනුව පැහැදිලි වූයේ විවිධ බාධක මැද මේ පාසල පවත්වාගෙන යාමට සිදු වූ බවයි.



 පතිරත්න බණ්ඩාර හිටපු විදුහල්පතිතුමිය


ඇයගේ අදහසට අනුව නම්, ගම්මානයේ දෙමවුපියන්ගේ වුවමනාවක්ද පාසල නගා සිටුවීමට නොමැති බවයි. අඩු පහසුකම් සහිත වීම හේතුවෙන් ද ළමුන් නගරයේ පාසල් වලට යොමු වී තිබේ. රාජ්‍ය මැදිහත් වීමට අනුව ළඟම පාසල හොඳම පාසල කිරිම  ප්‍රතික්ෂේප වී ඇති බව පැහැදිලි වේ. 
 
නගරයේ පාසැලකට දරුවන් ඇතුළත් කිරීමට අපහසු අවස්ථා ඇත. එවිට පාසලට ආධාර සිදු කළ යුතු අවස්ථා උද්ගත වේ. එවන් වටපිටාවක දී  පාසලට තවදුරටත් වසා තිබීම පිළිබඳ බලධාරීන් පියවර ගෙන ඇත්තේ ඇයිද යන්න ග්‍රාම නිතුමියගෙන් සිදුකළ විමසීමේදී පැහැදිලි වූයේ,

 පාසලේ ගුරුවරුන් හා සිසු දරුවන් නොමැතිකම හේතුවෙන් පාසල වැසූ බවයි. පාසල් ඉඩම රජයට පවරා ගත් බව ද ඇය සඳහන් කරා. ළඟම පාසල හොඳම පාසල වන විට ගමේ පාසල වසා දැමීම සිදුවූයේ, රාජ්‍ය මට්ටමේ පමණක් නොව ග්‍රාමීය ප්‍රජාව ගෙන් ද පාසල පවත්වාගෙන යාම ප්‍රතික්ෂේප වීමයි.
















Comments